හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබූ විජේරාම මාවතේ පිහිටි නිල නිවස, ආණ්ඩුව පැවසූ පරිදි රුපියල් ලක්ෂ 46කට කුලියට දී පෙන්වන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර රජයට අභියෝග කරනවා.
නමුත් දැන් රජය ප්‍රකාශ කරන්නේ එම නිල නිවස රාජ්‍ය ආයතනයකට ලබා දෙන බව යැයි ද, එවිට ආණ්ඩුවට එයට කුලියක් ගෙවීමට සිදු නොවන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.
ඒ තුළින්ම ආණ්ඩුව සිදු කළ බොරුව පෙන්නුම් කරන බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
