Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්

1 year ago

තමන්ට එරෙහිව සමාජ මාධ්‍යවල පැතිර යන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ,  අදාළ ප්‍රකාශය නිර්මාණය කළ සහ එය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පුද්ගලයන්ට එරෙහිව සිවිල් හා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මිලදීගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුව තිබුණා.

කෙසේවෙතත් මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් බව සුනිල් වටගල මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියා.

තමන් කිසිවිටෙකත් තම පක්ෂය සහ මහජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට හානි වන කිසිවක් තමා විසින් සිදුකර නොමැති බව ඔහු අවධාරණය කළා.

එමෙන්ම අදාළ ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිය ෆේස්බුක් සටහන මගින් සඳහන් කර තිබෙනවා.