උණුසුම් කාලගුණයේ අඩුවීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
පසුගිය දිනවල වැසි පැවැති අඩු කාලගුණ තත්ත්වය හේතුවෙන් සූර්යයාගෙන් ලැබෙන විකිරණ ප්‍රමාණය ඉහළ යෑමත්, සුළං ප්‍රවාහයේ අඩුවීම සහ පහළ වායුගෝලයේ ආර්ද්‍රතාව වැඩිවීම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල උණුසුම් කාලගුණයක් පැවති බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මැන්ඩි සඳහන් කළේ.
කෙසේ වෙතත් අද (16) සහ ඉදිරි දින කිහිපය තුළ වලාකුළුවල වර්ධනයක් දැක ගත හැකි බැවින්, ඒ හේතුවෙන් සූර්යයාගෙන් ලැබෙන විකිරණ ප්‍රමාණය අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ සාපේක්ෂව උණුසුම් කාලගුණයේ අඩුවීමක් දැක ගැනීමට ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.
