Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධීවර සංස්ථාව වසා දමනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්

1 year ago

නව ශක්‍යතා අධ්‍යයනයකින් පසු ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. 

මේ පිළිබඳ අදහස් පළවුයේ ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද සහභාගී විය.

මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, ලංකා ධීවර සංස්ථාව ඈවර කිරීමට පවතින රජයේ ආයතන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාව පිළිබඳව විමසීමක් කළේය. 

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම වාර්තාවන් සත්‍ය නොවන බව පැවසුවේය.

එලෙස අසත්‍ය වාර්තා පලවීම කෙසේ වුවාද යන්න පිළිබඳව අමාත්‍යාංශයටද ගැටලුවක් ව පවතින බවත් රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.