Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති වසන්තගේ වත්කම් ගැන ඇමති නලින්ද දුන් සහතිකය

1 year ago

වත්කම් බැරකම් ප්‍රකාශයන්හි ඉදිරිපත් කරනු ලබන්නේ ඔප්පු කල හැකි දේවල් පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඊයේ (16) කැබිනට් මාධ්‍ය හමුවේදි වෙළඳ හා වානිජ කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදු කරන ලද වත්කම් ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් විමසු අවස්ථාවේදි ඔහු මේ බව කියා සිටියා.

එහිදි අමාත්‍යවරයා පැවසුවේ එම වත්කම් ප්‍රකාශයන් වසන්ත සමරසිංහ මහතා විසින් ඉදිරිපත් කල ඒවා බවත් ඒවා ඕනෑම වෙලාව කැමති අයකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවියෙන් දැකබලා ගත හැකි බවයි.

එහිදී අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා,

අපේ දේශපාලන සංස්කෘතිය ආරක්ෂා කරපු කිසිම කෙනෙත් ඔය ප්‍රශ්නේ අහලා නැහැ.අපිට කවදත් විරුද්දව හිටපු අපිට මඩ ගහන්න අවලාද නගන්න හිටපු අය තමයි ඔය ප්‍රශ්නේ අහන්න ඇත්තේ.මේ දේශපාලන සංස්කෘතිය දන්න අය දන්නවා අපි කටයුතු කරන්නේ කොහොමද කියලා.එයාලට එක් ප්‍රශ්නයක් නැහැ.දේශපාලනය කරනකොට අපි එකිනෙකාගේ සහයෝගය සහිතව කටයුතු කරනවා