ජනාධිපති අනුර කුමාර දිසානායකගේ තේරී පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව “නව යුගයකට” අවතීර්ණ වී ඇති බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං පවසනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳව සිය උණුසුම් සුබපැතුම් එක් කරමින් ඔහු මේ බව පවසා තිබුණා.
මෙම උත්සවය අමතමින් චීන තානාපතිවරයා සඳහන් කළේ, ‘ප්‍රකට හේතු’ මත පසුගිය වසරවලදී අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස අඩු කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවයි.
කෙසේවෙතත් නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ ව්‍යාපෘතියට නැවත වේගයක් ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නා.
“මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනවා. චීන රජය, මූල්‍ය ආයතන සහ තානාපති කාර්යාලය, චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය නැවත තහවුරු කරනවා”
මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය බොහෝ දුෂ්කරතා ජය ගැනීම සමත්වීම පිළිබඳව චීන තානාපතිවරයා තවදුරටත් සිය ප්‍රශංසාව පළ කර තිබුණා.
