ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට එරෙහිව නව ජනතා පෙරමුණ මැතිවරණ කොමිසමට අද(17)දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා .
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්. ඩබ්. එන්.යු ගුණසිංහ , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී . ඩී . එන් .කේ පලිහේන නියමාකාරයෙන් නිවාඩු අනුමත නොකර නියමාකාරයෙන් විශ්‍රාම නොගොස් පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවට මෙම පැමිණිල්ලෙහි සඳහන් වෙනවා.
නව ජනතා පෙරමුණ පක්ෂයේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග, කොළඹ දිසා ගිහි අනුශාසක සුනිල් කුමාර සහ නැගෙනහිර කොළඹ ආසනයේ රුක්මන් ද සිල්වා මැතිවරණ කොමිසමේ සභාපතිට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමට එම පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අදහස් දැක්වූ
උපතිස්ස කුමාරතුංග ප්‍රකාශ කර සිටියේ 2024 නොවැම්බර් මස 21 වන දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් සේන නානායක්කාර , එම්. ඩබ්. එන්.යු ගුණසිංහ , පී . ඩී . එන් .කේ පලිහේන ඉදරිපත් වු බවයි.
ඔවුන් නිසි පරිදි නිවාඩු අනුමත කර ගැනීම හෝ අවශ්‍ය පරිදි රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම සිදු කර නොමැති බැවින් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නීති විරෝධි කරුණක් බවය.
මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් කඩිනමින්ම අවධානය යොමු කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මැතිවරණ කොමිසමට තමන් පැමිණිලි කළ බව උපතිස්ස කුමාරතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළා.
