Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි (ඡායාරූප)

1 year ago

මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) කක්ෂගත කිරීමට නියමිත බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසනවා.

ඒ අනුව, ‘BIRDS-X Dragonfly’ ලෙස නම් කර ඇති එම චන්ද්‍රිකාව හෙට පස්වරු 2.15 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට, අදාළ කක්ෂය වෙත මුදා හැරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වැනිදා නාසා ආයතනය විසින් දියත් කළ SpaceX-33 රොකට්ටුව මඟින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් තිබුණා.

2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ – 1“ චන්ද්‍රිකාවත් 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් 5ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ “කිට්සුනේ“ චන්ද්‍රිකාවත් මීට පෙර කක්ෂගත කර තිබුණි.