Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝගීන් රැගත් ගිලන් රථයක් අනතුරකට ලක්වෙයි

1 year ago

බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූලික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් අනතුරට පත් වීමෙන් එම ගිලන්රථයේ රැගෙන ගිය රෝගීන් දෙදෙනා වෙනත් ගිලන් රථයකින් දික්ඔය මූලික රෝහල වෙත යොමු කළ බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ, අද (18) පෙරවරු 11 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදීයි.

ධාවනය වෙමින් තිබූ ගිලන් රථයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ බොලරෝ ලොරි රථයක ඉදිරිපස රෝදය ගිලන් රථයේ පසුපස රෝදයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව‍ වාර්තා වනවා.

අනතුරින් ගිලන් රථයේ පසුපස රෝදයට සහ බොලරෝ සැහැල්ලු ලොරි රථයේ ඉදිරිපස රෝදයට අලාභ හානි සිදුව තිබෙනවා.

බොලරෝ ලොරි රථයේ රියදුරා නෝර්වුඩ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වනවා.