Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මඩකලපුවට අලුත් දිසාපති කෙනෙක්

1 year ago

මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී ජේ.ජේ.මුරලිදරන් මහත්මිය 2025 සැප්තැම්බර් 26 වන දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව, පුරප්පාඩු වන මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුර සඳහා දැනට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ජේ. එස්.අරුල් රාජ් මහතා එදින සිට පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.