අදාළ වාහනය පැහැරගන්නා අවස්ථාවේදී එම පිරිස වැන් රථයේ හිමිකරුට පවසා තිබුණේ තමුන් ලීසිං ආයතනයක සේවය කරන අයවලුන් බවත් කල්බදු වාරික නොගෙවිම හේතුවෙන් වෑන් රථය රැගෙන යන බවත්ය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වාහනයේ හිමිකරු අත්තනගල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
එහිදී වාහනය පැහැරගත් පුද්ගලයින් දෙදෙනකු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් රක්ෂිත භාරයට පත් කර තිබුණා.
ඒ අනුව මෙම සිද්ධියේ නියෝගය ප්රකාශයට පත් කළ අධිකරණය අදාළ වෑන් රිය ලියාපදිංචි අයිතිකරුටම මුදා හරින ලෙසට ලීසිං සමාගමට නියෝග කළා.
එසේම යම් පුද්ගලයෙක් කල්බදු වාරික ගෙවීම පැහැර හරින්නේ නම් ඒ පිළිබඳව දිසා අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බව මහේස්ත්රාත්වරයා එහිදී සඳහන් කළේය.කල්බදු ගෙවීම පැහැරහැර ඇති අවස්ථාවක වුවත් වාහනයක් පැහැර ගැනීමට කල්බදු සමාගමකට කිසිඳු නීතිමය බලයක් නැතැයි කියමින් පැහැරගත් වෑන් රථයක් යළි එහි ලියාපදිංචි අයිතිකරුටම භාර දෙන ලෙස අත්තනගල්ල මහේස්ත්රාත් මංජුල කරුණාරත්න ලිසිං සමාගමකට නියෝග කළා.
නිට්ටඹුව පල්ලේවෙල ප්රදේශයේ පුද්ගලයින් පිරිසක් මාර්ගය හරස්කර ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් නවතා එය පැහැර ගැනීමකට ලක්කර තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේදියි.
