Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

1 year ago

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරුබව කියන පුද්ගලයෙක් ඇතුළු තිදෙනකු කෑගල්ල – රංවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය පවසනවා.

නීති විරෝධි දුම්වැටි 12400 ක්, ගජමුතු 5 ක් සහ මත්කුඩු සමඟ රංවල ප්‍රදේශයේ කුලී නිවසක සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා කෑගල්ල හා වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 55 හහා 39 අතර වන අය බවයි පොලිසිය වාර්තා කළේ.

මීට අමතරව, ව්‍යාජ ලෙස සකසන ලද ජාතික හැදුනුම්පතක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අයෙක් යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත් නොවු පුද්ගලයෙකු වන අතර ඔහු ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවටත්, මහබාගේ පොලිස් වසමේ 2024 මාර්තු 28 දින ගිණි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටත් තොරතුරු අනාවරණය වි තිබෙනවා.