Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප්ගේ AI ඩිනර් පාටියට සහභාගී වූ ලංකාවේ උපන් බිලියනපතියා

1 year ago

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ධවල මන්දිරයේදී කෘත්‍රිම බුද්ධි (AI)වැඩසටහනකට අදාළව  තාක්ෂණික දැවැන්තයන් වෙත පැවැත්වූ රාත්‍රි භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකාවේ උපන් ලෝක ප්‍රකට තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයකු වන චමත් පලිහපිටිය ද සහභාගි වී තිබෙනවා.

එරට වාර්තා පවසන්නේ, මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල්ගේට්ස්, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටිම් කුක්, මේටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග්, OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඔල්ට්මන්, Google ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චෙයි ඇතුළු තාක්ෂණ ක්ෂේත්‍රයේ නායකයන් ගණනාවක් මීට සහභාගි වූ බවයි.

කෙසේවෙතත් ට්‍රම්ප් සමඟ මේ වනවිට පවතින විරසකය හේතුවෙන් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ වරක් ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ DOGE කාර්යාලයේ ප්‍රධානියකු වූ එලොන් මස්ක් මීට සහභාගී වී නැහැ.

නවතම පුවත් (Latest News)