Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැමියාගෙන් පහර කෑ බිරිඳ රෝහලට! පුතු මරුට!

1 year ago

දේවාලේගම පොලිස් වසමේ බටුවත්තප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී ඊයේ (19) රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි දැනට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.