තමා දේපළ උපයා ගත් ආකාරය පිළිබඳව හෙළි කිරීමට සූදානම් බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
තමා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇත්තේ තමා එම වත්කම් උපයා ගත් ආකාරය පෙන්වීමට හැකියාවක් තිබීම හේතුවෙන් බවත්, රටේ ජනතාවගේ මුදල් වංචා කළේ වෙන කිසිදු කෙනෙක් නොව පෝලිමට බන්ධනාගර ගත් වන අය බවත් ඔහු සඳහන් කළා.
වසර විසි ගණනක් පුරාවට තමා මහන්සියෙන් රැස්කර ගත් කරගත් දේවල් තමාට තිබෙන බවත් ඔහු මෙහෙදී කියා සිටියා.
ඔහු සඳහන් කළේ, තමා අයත් වන්නේ තඹුත්තේගම සිටින පැරණිම පවුලට බවත්, තඹුත්තේගම පිහිටා තිබෙන තමාගේ ඉඩම් දෙක පමණක් මිලියන 225ක් වටින බවයි.
තමා විශ්ව විද්‍යාලයට යන්නට පෙර සිටම අමතර පංති සිදු කළ බවද, තඹුත්තේගම නගරයේ වෙළඳ වටිනාකම අද කවුරුත් දන්නා බවද කියා සිටියා.
