Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෝප වූ සීලරතන හිමි එක්සත් ජාතික පක්ෂ සමුළුවෙන් නැගිට යයි

1 year ago

තමාට එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සැමරුමට එම පක්ෂය විසින් කළ ආරාධනාවකට අනුව පමණක් තමා මෙම සැමරුමට සහභාගී වූ බව ජනසත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ පිරිස අනෙක් සියලුම පක්ෂවල නාමයක් මෙහිදී සඳහන් කළ බවත්, එහෙත් ජනසත පෙරමුණේ නාමය පමණක් මොවුන්ට අමතක වී ඇති බවත් සඳහන් කරමින් උන් වහන්සේ සංවත්සර සැමරුමෙන් පිටව ගොස් තිබුණා.

එහිදී උන්වහනසේ වැඩිදුරටත් කියා සිටියේ,

“එක්සත් ජාතික පක්ෂය විසින් මා වෙත ආරාධනා කළා. ඒකට පැමිණියා. හැබැයි අපි දේශපාලන පක්ෂ නායකයෝ නෙමෙයි. අපි නිකන් ඔහේ යන්නන් වාලේ පුටුවක වාඩි කරලා තිබ්බා. මේගොල්ලන් හොඳ කතා කරා. සියලු දේශපාලන පක්ෂවල නම් ගම් කතා කරා, නම් වලින් කතා කරා, පක්ෂ නායකයින්ගේ නම් කිව්වා. හැබැයි ජනසත පෙරමුණේ නමක් වත් නෑ, නාමයක්වත් නෑ කතා කරෙත් නැහැ. ඒ කියන්නේ අපේ ජනසත පෙරමුණ මේගොල්ලන්ට පක්ෂයක් නෙමෙයි. අපේ පූර්ණ සහයෝගය කිසිම වෙලාවක දෙන්නෙත් නැහැ. දෙන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ.

දැන් අපේ පක්ෂේ නමක් නැත්නම් අපේ පක්ෂේ නායකයෙක්ගේ නමක් නැත්තම් මොකක්ද මේ සංවත්සරේ? මොන දුකක්ද මහත්තයෝ මේ? මේ පක්ෂ මොනාද? අපිට පක්ෂයක් තියෙනවනේ. අනුර ජනාධිපතිවරයත් එන්න කිව්වොත් මම ඒවටත් යනවා. මහින්ද එන්න කිව්වොත් ඒකටත් යනවා.

ආරාධනා කරපු නිසා ආවේ. නැතුව ආවට ගියාට ආවේ නෑ. නිවේදකයට නම මතක නෑ, තලතා අතුකෝරළට අපේ නම මතක නෑ. මුන්ට පිස්සු පක්ෂයක් ඒකරාශි කරගන්න පුලුවන්ද?”