තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අද (20) බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරිය පැවසුවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වතුයායේ එන්.සී. කොටසේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකටයි මෙලෙස බඹර ප්‍රහාර එල්ල වී ඇත්තේ.
තේ පදුරක් මත බැද තිබූ බඹර කුඩුවක් වතුකම්කරු කන්තාවකගේ පය ගැටීමෙන් පසු බඹරු ඇවිස්සී පහර දුන් බවයි බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලබන වතුකම්කරුවන් කියා සිටියේ.
බඹර ප්‍රහාරය සමබන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වනවා.
