Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනිගෙන විනාශවෙයි

1 year ago

නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් ගිනි ගෙන විනාශ වී තිබූ බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.

අද (20) දින පස්වරුවේ ගින්න හට ගෙන ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේදීය.

නාවලපිටිය පොලිසිය පැවසුවේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා කිරිමට යෑමේදි එක්වරම ගින්න හට ගෙන ඇති බවයි.

ප්‍රදේශවාසීන් සහ ගිනිගත්හේන පොලිසියේ නිළධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා නිවා දමා තිබේ.

නමුත් ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

ගින්න හට ගන්නා අවස්ථාවේ ත්‍රීරෝද රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති බවත්, ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.