Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය නෞකාවක් දිවයිනට

1 year ago

ඉන්දීය නාවික හමුදාවට අයත් “සත්පුර” නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (20) දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

 එම නෞකාව කොළඹ වරායේදී නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් බව ද නාවික හමුදාව සඳහන් කරනවා.

මෙලෙස දිවයිනට  පැමිණි Frigate වර්ගයට අයත් ‘සත්පුර” නෞකාව, දිගින් මීටර් 142.5 ක් හා නැව් මුළුව 403 ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ‘විකාස් ගරු” කටයුතු කරනු ලබන බවද නාවික හමුදාව පවසනවා. 

තවද, මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇතැයි නාවික හමුදාව සඳහන් කරනවා.