Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුර කුමාර දිසානායක තේරී පත් වී අදට වසරයි

1 year ago

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට වසරක් සම්පුර්ණ වනවා.

2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන්  ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වූ අතර, මනාප ඡන්ද ගණනය කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5,740,179 ක් වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක නව තනතුරේ දිවුරුම් දුන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් 23 වනදායි.

ජනාධිපති ධුර කාලයේ වසරක ප්‍රගතිය පසු විපරම් කිරීමේදී ආර්ථිකය තවදුරටත් ස්ථාවර කර ගැනීම, ඉහළ මූල්‍ය විනය, රජයේ ආදායම් තවත් ඉහළ නංවා ගත් වසරක් වීම, අපනයන ආදායම් වර්ධනය, සංචාරක ආදායම් ඉහළ යාම, විදේශ විනිමය ප්‍රේශන ඉහළ නංවා ගැනීම, වරාය මෙහෙයුම් ලාභ ඉහළ නංවා ගැනීම, රේගු ආදායම් ඉහළ නංවා ගැනීම, නීතියේ විධානය හා ආධිපත්‍ය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ආයතන ස්වාධීන කිරීම, නව අණපනත් සම්මත කිරීම, මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට පියවර ගැනීම සහ විදේශ සබඳතා ශක්තිමත් කිරීමට ගත් පියවර යනාදිය සාධනීය කරුණු ලෙස පෙන්වා දිය හැකියි.