Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාවෙන් ඉන්දියාවට මරු පහරක්

1 year ago

‘එච්- වන්- බී (H1-B) කාණ්ඩය යටතේ වීසා අයදුම් කරන විදෙස් පුහුණු ශ්‍රමිකයින් සඳහා වන ගාස්තුව අමෙරිකානු ඩොලර් ලක්ෂය දක්වා ඉහළ දැමීමේ විධායක නියෝගයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබෙනවා.

ඒ අනුව එය පෙර පැවති ගාස්තුව මෙන් 60 ගුණයක ඉහළ යාමක් බව වාර්තා වනවා.

වාර්ෂිකව මෙම වීසා කාණ්ඩය යටතේ වැඩිම අවස්ථාව ඉන්දීය ජාතික පුහුණු ශ්‍රමිකයින්ට හිමිව තිබූ අතර එය සමස්ත සංඛ්‍යාවෙන් සියයට 70ක් පමණ වන බව සඳහන්.

වීසා ගාස්තු ඉහළ දැමීමේ අමෙරිකානු රජයේ තීරණයත් සමග ඇතැම් අමෙරිකානු සමාගම් එම වීසා කාණ්ඩය යටතේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ට අමෙරිකාවේ රැදී සිටින ලෙස හා රටින් පිටව සිටී නම් වහාම යළි පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් තුළ මානුෂීය වශයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති කරන මෙම තීරණය පිළිබඳව අමෙරිකානු බලධාරීන් යළි සලකා බලනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එමෙන්ම අමෙරිකානු රජයේ මෙම නවතම තීරණය මානුෂීය වශයෙන් ප්‍රතිවිපාක ඇතිකරන්නක් බව ඉන්දිය රජය පවසනවා.

කෙසේ වෙතත් අමෙරිකානු ධවල මන්දිරය වැඩිදුරටත් පවසා සිටියේ මෙම නව ගාස්තු සංශෝධනය අලුතින් වීසා අයදුම් කරන පුද්ගලයින්ට පමණක් වලංගු වන බවයි.