සිතුල්පව්ව – කිරින්ද මාර්ගයේ දී වන්දනා නඩයක් ගමන් කරමින් සිටි බස් රථයකට ඇතෙක් පහර දී තිබෙනවා.
අද (21) උදෑසන කාලයේ මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඇතාගේ ප්‍රහාරයට ලක්වූ බස් රථයට අලාභ හානි සිදු වී ඇති අතර, බස් රථයේ ගමන් කළ කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.
ඇතාගේ ප්‍රහාරය හමුවේ වහාම ක්‍රියාත්මක වූ රියදුරු බස් රථය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිව තිබෙනවා.
