Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විහාරාධිපති හිමිනමකගේ බැංකු ගිණුමෙන් ලක්ෂ 200කට අධික මුදලක් හොරට ඇදලා

1 year ago

පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකුව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්‍රදේශවල පදිංචි 33, 34,45 සහ 46 යන වයස්වල පසුවන පුද්ගලයින් හතර දෙනෙක්.

විහාරාධිපති හිමියන් සිදුකළ පැමිණිල්ලක් අනුව දීර්ඝ විමර්ශනවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මුදල් වංචා කර ඇත්තේ විහාරාධිපති හිමියන් පානදුර පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමකිනුයි.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.