දඹුල්ල ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක හැපිමෙන් ඉංග්‍රීසි ගුරුවරයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසනවා.
මරණකරු පාර මාරුවීමට උත්සහ කිරීමේදී හබරණ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක පිටුපස රෝදයේ හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ දඹුල්ල සණස මාවතේ පදිංචි 56 හැවිරිදි පාසල් ගුරුවරයෙකි.
ටිපර් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
