Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසුවෙකුට පහරදුන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසලක ගුරුවරික් අත්අඩංගුවට

1 year ago

දහතුන් හැවිරිදි සිසුවකුට අඩිරූලකින් දමා ගසා, එම සිසුවාගේ දකුණු ඇස තුවාල කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක ගුරුවරියක අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම සැකකාර ගුරුවරිය විදුහලේ පුස්තකාල කාමරය තුළදී අදාළ සිසුවාගෙන් ප්‍රශ්නයක් අසා තිබෙන බවත්, ඊට පිළිතුරු නොදීම හේතුවෙන් උරණ වී ගුරුවරියගේ අතෙහි තිබූ ඇලුමිනියම් අඩිරූලකින් දමා ගසා ඇති බව අධිකරණයට දන්වා සිටි පොලිසිය, එම අඩිරූල සිසුවාගේ දකුණු ඇසෙහි වැදී තුවාල වී ඇති බවද අධිකරණය වෙත දන්වා සිටියේය.

සැකකාරියගේ පහර කෑමට ලක්වූ සිසුවා කොළඹ ජාතික අක්ෂි රෝහලේ 11 වන වාට්ටුවෙහි ප්‍රතිකාර ලබන බවද වැඩිදුරටත් දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, සැකකාර ගුරුවරිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියම කළාය.

මෙම සිද්ධිය පිළිබඳව කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චිගේ උපදෙස් මත විමර්ශන සිදු කරයි.

(source – aruna)