හෙද නිලධාරීන්ට පත්වීම් ලබාදීම ඔක්තෝබර් මාසයේ සිදු කරන අතර පත්වීම් ලබන සියලුදෙනා උතුරු නැඟෙනහිර රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල සේවාවට අනුයුක්ත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
2019 සිසු හෙද කණ්ඩායම ඔක්තෝබර් මාසයේ පත්වීම් ලබන බවද ඔහු සදහන් කළා.
ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
යාපනයේ ‘බී’ වර්ගයේ රෝහල් 5 ක්, කිලිනොච්චියේ ‘බී’ වර්ගයේ රෝහල් 1 ක් තිබෙන අතර, යාපනයේ ‘සී’ වර්ගයේ රෝහල් 18 ක්, කිලිනොච්චියේ 6 ක් ස්ථාපිත බවද, යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය රෝහල් 30 ක් ස්ථාපිත බවද ඇමැතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1374 ක් සඳහා සැප්තැම්බර් 15 වැනිදා රාජකාරියට වාර්තා කිරීමට හැකි වන පරිදි පත්වීම් ලබාදීම සිදු කර ඇති අතර, එම නිලධාරීන්ගෙන් පිරිසක් යාපනය හා කිලිනොච්චිය රෝහල්වලට අනුයුක්ත කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, රේඛීය අමාත්‍යාංශයට අයත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය සෞඛ්‍ය සේවක පුරප්පාඩු පිරවීමෙන් පසුව ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡා කර පළාත් සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය සේවක පිරිස බඳවා ගැනීමට පියවර ගන්නා බවයි.
