Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම ලංකාවට වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි

1 year ago

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියන 1 ක වන්දිය ගෙවීම, X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය ජූලි මස 24 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට මෙම ගෙවීම සිදුකරන ලෙස නියෝග කර තිබුණා.

මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවේ.