ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේ අස්ගිරිය ප්‍රදේශයෙන් අත්තනගලු ඔයට පැන තරුණියක් සියදිවි හානි කරගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි දොරණගොඩ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.
සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අතුරුදන් වු කාන්තාවගේ මළසිරුර සෙවීමේ මෙහෙයුම් පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් සිදුකරන බව පොලීසිය පැවසුවේය.
