Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තංගල්ල නිවසේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකෙරේ

1 year ago

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සොයාගත් නිවසේ මියගොස් සිටි පුද්ගලයින් තුන් දෙනාගේ මරණවලට නිශ්චිත හේතුව තහවුරු කර ගැනීම සඳහා එම සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (23) දිනයේ තංගල්ල මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුවන් නානයක්කාර විසින් මියගිය අය‍ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් එම පුද්ගලයින්ට ශරීරගතව ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා විසින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා‍.

පසුගිය 22 වැනිදා උදෑසන පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු සොයා ගත් අතර, අදාළ නිවසේ අසාධ්‍ය තත්වයෙන් සිටි තවත් පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබුණා.

පසුව සිදුකළ විමර්ශනවලදී ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 10,000 කට ආසන්න බවයි පොලීසිය පවසා සිටියේ.