හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සහ හිටපු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ සරත් මොහොට්ටි ලබන 8 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ නියෝගයක් අනූවයි.
අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.
