මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (24) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී සිදුව තිබෙනවා.
එම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් තුමන්ගේ බිරිඳ වන තනුජා ජා මහත්මිය ද එක්ව තිබුණා.
මෙම හමුවේදී දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරුවක් සිදුව තිබෙන බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.
මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තබා තිබූ සටහන පහතින්.
”…අප දෙරට අතර පවතින සමීප සම්බන්ධතාවය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයකට වඩා ඉතා ගැඹුරුය. එය ඓතිහාසික, ආගමික, සංස්කෘතික, ආර්ථික හා ආරක්ෂක යනාදී බහුඅංශවලින් සමන්විත වේ.
වත්මන් ඉන්දියානු මහ කොමසාරිස්තුමන් තුළ ඉතිහාසය කෙරෙහි පවතින ප්‍රියතාවය සහ දැනුම, ඓතිහාසික බැඳීම් මතින් අප දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සුවිශේෂී දායකත්වයක් සපයන බව මම විශ්වාස කරමි.
ඓතිහාසික මිත්‍රත්වය මත පදනම්ව, වර්තමාන අවශ්‍යතා හඳුනාගෙන, අනාගතයේ වඩාත් ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීම සඳහා දෙනු ලබන ඔබතුමාගේ දායකත්වයට ස්තුති වන්ත වෙමි. තනුජා ජා මහත්මිය ද නැවතත් ගෞරවයෙන් සිහිපත් කරමි…”
