හරිත සන්සුන් පරිසරයක අධ්‍යාත්මික අරමුණු මුදුන් පත්කර ගැනීම සඳහා කමටහන් වඩමින් භාවනා කටයුතුවල නිරත වූ අපවත්වී වදාළ නාඋයන ආරණ්‍ය සේනාසනයේ බුද්ධ පුත්රයන්වහන්සේලාට උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවායි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබුණේ මැල්සිරිපුර පන්සිළුම නාඋයන ආරණ්‍ය සේනාසනයෙහි සිදුවූ හදීසි අතතුරින් අපවත් වූ භික්ෂූන්වහන්සේලා හත්නමට සොව පළකර සිය මුහුණු පොතේ සටහනක් තබමින්.
මෙම හදීසි අනතුරින් අපවත්වී වදාළ දෙස් විදෙස් භික්ෂුන්වහන්සේලාට හිටපු ජනපතිවරයා සිය සොව පළකර තිබුණේ මෙසේයි.
“මැල්සිරිපුර පන්සිළුගම නා උයන ආරණ්‍ය සේනාසනයෙහි ඊයේ (24) දින රාත්රියේදී සිදුව ඇති ශෝකජනක සිදුවීම අසා මම ඉතා කණගාටුවට පත් වූයෙමි.
එම අනපේක්ෂිත අනතුරින් අපවත් වී වදාළ දෙස් විදෙස් භික්ෂූන්වහන්සේලා පිළිබඳව මාගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමින් විදෙස් භික්ෂූන්වහන්ස්ලා නියෝජනය කරනූ ලබන ඉන්දියාව, රුසියාව සහ රුමේනියාව යන රාජ්‍යන්ට මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
හරිත සන්සුන් පරිසරයක අධ්‍යාත්මික අරමුණු මුදුන් පත්කර ගැනීම සඳහා කමටහන් වඩමින් භාවනා කටයුතුවල නිරත වූ අපවත්වී වදාළ බුද්ධ පුත්රයන්වහන්සේලාට උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන බුද්ධ පුත්රයන්වහන්සේලාට ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.”

