අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) සවස 5.00 මත්තේගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වේ.
රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිට ඉකුත් 24 වැනිදා නලීන් මිය යනවිට 56වන වියේ පසුවූ අතර ඔහු දෙදරු පියෙකුද විය. අභාවප්‍රාප්ත නලීන් ප්‍රදීප් උඩවෙලගේ දේහය මේ වනවිට ඔහු ජීවත්ව සිටි මත්තේගොඩ, ප්‍රසන්න උයනේ, දෙවන පටුමගේ අංක 193/18 දරන නිවසේ තැන්පත් කර ඇති අතර ඔහුට අවසන් ගෞරවය දැක්වීමට කලාකරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටිති.
