Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ප්‍රසිද්ධ බැංකුවක වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සාදා ලක්ෂ 500ක් ඇද්ද අටකට වැඩ වරදී

1 year ago

මෙරට පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි ගණනාවක් මගින් ඩිජිටල් ක්‍රමය ඔස්සේ රුපියල් කෝටි පහක වංචාවක් කළ බව කියන සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙදෙනකු ඔක්තෝබර් 2 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (25) නියෝග කළා.

මෙම සිද්ධියට අදාළව මෙම සැකකරුවන්ගේ බැංකු වාර්තා පිළිබඳ විමර්ශනය කර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණ නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේශාත්වරයා නියෝග කළා.

අපරාධ පරීක්ෂණයක දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබුවේ, මෙම සිද්ධිය ලංකාව තුළ චාලමය වශයෙන් සිදුවන බවත් ඊට සැකකරුවන්සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව තවත් වෙබ් අඩවි සාදා පුද්ගලයන් රවටමින් මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදු කළ ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරුණී.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ,මෙම ජාවාරමට අදාළව මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකුවේ ඩිජිටල් ගනුදෙනු සේවා සපයන නිල වෙබ් අඩවියට සමානව සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවි ගණනාවක් මගින් පුද්ගලයන් රැවටීමට ලක්කර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවය.

සංවිධානාත්මක සයිබර් අපාධකරුවන් පිරිසක් විසින් අදාළ පුද්ගලික බැංකුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවි සකස් කරමින් එම බැංකුවේ පාරිභෝගිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇත්දැයි සෙවීමට විමර්ශන පවත්වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය කඩිනම් කර අධිකරණයට කරුණු දක්වන ලෙසත් සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.