වත්මන් ජතික ජනබලවේග ආණ්ඩුව විසින් මත්ද්‍රව්‍ය සොයාගෙන පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එම මත්ද්‍රව්‍ය පිටුපස සිටින පිරිසගේ නම් හෙළි කරන මෙන් ජාතික ජනබලවේග ආණ්ඩුවෙන් තමා ඉල්ලා සිටින බවත් ශ්‍රී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඊයේ (25) පැවැත්වූ පාර්ලිමේන්තු සභවාරය අතරතුර ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“මට පෙර කතා කරපු අපේ මන්ත්‍රීතුමා සඳහන් කළා මේ හැම දෙයක්ම ඉලක්කයන් පන්නලා කියලා. ඔව් ඉලක්කයන් කෙසේ වෙතත් කන්ටේනර් නම් පන්නලා තියෙනවා. තාම තියෙන තැනක් හොයාගන්නත් නෑ. පන්නපු කෙනා හොයා ගත්තම තියෙන තැන හොයාගන්න පුළුවන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ කයිවාරු ගහපු ආණ්ඩුවල අතරෙන් වැඩිපුරම බොරු කියල ජනතාව මුළාවට පත් කරපු ආණ්ඩුව බවට ඔබ තමුන්නාන්සේලා පත්වෙලා තියෙනවා.
ඔබ තමුන්වහන්සේලා කයිවාරු ආණ්ඩු පමණක් නෙවෙයි, දැන් ඔබ තමුන්නාන්සේලා කුඩු ආණ්ඩු බවට පත් වේගෙන යනවා. එතකොට ඔබ මොකක්ද කරන්නේ? තමන්ගේ වැරැද්ද වහගන්න වෙන කෙනෙක්ගේ පිට පටවනවා. අර පිට්පොකට් න්‍යාය ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පිට්පොකට් කාරයා පිට්පොකට් එකක් ගහලා පාරේ දුවනවා මෙන්න හොරෙක් කියලා. අනේ ඉතින් බොහෝ පිරිස ඒක පිටිපස්සේ දුවනවා.
ඒවගේ ඔයාලා මොකද කරන්නේ එතකොට? එක කාලයක් පිට් පොකට් න්‍යාය හොරා කියන්න පටන් ගත්තා. හැබැයි මොකක්ද වුනේ? කාලයක් ගියා ඔබ තමුන්නාන්සේලා දූෂණ මර්දන කමිටුවේ වාඩිවුනා. ඔබ තමුන්නාන්සේලා දූෂණ මර්දන කමිටුවේ අවුරුදු 5ක් හිටියා. දැන් ආණ්ඩුවක් අරන් ඉන්නවා. දැන් ජනාධිපතිපතිවරයෙක් ඉන්නවා. අගමැතිවරයෙක් ඉන්නවා. රොකට් එකක් ගියා ඒක වැටෙනවා පැලවත්ත උඩට. දැන් කුඩුවලට ඇවිල්ලා තියෙනවා. අල්ලන්න. දැන් අල්ලනවා විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පිටිපස්සේ ඉන්න අයව හෙළිකරන්න. තමන්ගේ ආණ්ඩුවට මුවා වෙලා රාජ්‍ය රැකවරණය ලබන මිනිස්සු ආරක්ෂා කරන්න ලෑස්ති වෙන්න එපා. ආණ්ඩුවේ ආරක්ෂාව පතාගෙන කටයුතු කරන අයව ආරක්ෂා කරන ලෑස්ති වෙන්න එපා. ඔබතුමාලා අද අපිට ඇඟිල්ල දික් කරයි. හැබැයි මතක තියාගන්න ඔබතුමාලගේ පැත්තට ඇඟිල්ලි හතරක් දික්වෙලා තියෙනවා…”
