තිස්සමහාරාම, මුතියම්මාගම ප්රදේශයේදී ඊයේ (26) පස්වරුවේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 58ක් හැවිරිදි පුද්ගලයෙක්.
තිස්සමහරාම පොලීසිය සඳහන් කරන්නේ මෙම ඝාතනය සඳහා බෝර දොළහේ පතුරුම් යොදන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි.
මියගිය පුද්ගලයා වෑද්දුම් ශිල්පියෙකු (Welder) වන අතර, ඔහු සිය නිවසේ පවත්වාගෙන ගිය ගරාජයේ වැඩ කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර සැකකරු එම ප්රදේශයේම පදිංචිකරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය.
