Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජගත් සමුළුව උණුසුම් වෙයි! ඊශ්‍රායල අගමැතිට විරෝධය පා පිරිසක් නැගිට යයි!

1 year ago

නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වේදිකාවට පැමිණ අදහස් දැක්වීම ආරම්භ කරන අවස්ථාවේදී, නියෝජිත පිරිසක් විරෝධය පළ කරමින් ශාලාවෙන් පිටව යනු ලැබුවා.

පලස්තීන ගැටලුව සම්බන්ධයෙන් ඊශ්‍රායලය අනුගමනය කරන ස්ථාවරයට එරෙහිව සිය විරෝධය දැක්වීමක් ලෙස මෙම නියෝජිත පිරිස ඉවත්ව යාම එහිදී සිදු වුණා.

එම සැසිවාරය ඇමතූ බෙන්ජමින් නෙතන්යාහු, පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට විරෝධය පළ කරමින් ප්‍රකාශ කළේ, “එය උමතු ක්‍රියාවක් වන අතර අපි එය නොකරමු” යනුවෙන්.

තවද, අනෙකුත් රටවල් කිහිපයක් විසින් පලස්තීන රාජ්‍යය පිළිගැනීම “ලජ්ජා සහගත ක්‍රියාවක්” බවද නෙතන්යාහු එහිදී දැඩිව අවධාරණය කරනු ලැබුවා.