Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉතිහාසයේ පළමුවරට විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර යෝජනා ක්‍රමයක්

1 year ago

යම්කිසි පුද්ගලයෙක් විදේශ රැකියාවක් සදහා විදෙස් ගතවී, එම පුද්ගලයාට එහිදී යම්කිසි ආපදාවක්, අනතුරකට මුහුණ දුන්නේ නම්, එය හේතුකරගෙන දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනයට කිසිසේත්ම ඉඩදීමට නොහැකි බවත් එමනිසා ජනාධිපති අරමුදල යටතේ ශිෂ්‍යාධාරය ක්‍රමවේදයක් මෙම වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක කරන බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.

ඒ බව අමාත්‍යවරයා සඳහන් කළේ ඉකුත් (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණ ජනාධිපති අරමුදලේ කටයුතු ක්‍රියාත්මක වීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් දි,

විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට පිදෙන ගෞරවයක් ලෙස, ඔවුන් විදෙස් රැකියාවල නිරතව සිටියදී යම්කිසි අනතුරකට මුහුණ දීම එනම් ආබාධයකට ලක් වීමක්, මියයාමක්, අතුරුදහන් වීමක් හෝ සිරගතවීමක් සිදුවුවහොත් ලංකාවේ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය නොකැඩී පවත්වාගෙන යාම අරමුණ කරගෙන මාසිකව ශිෂ්‍යාධාරයක් ලබාදීම ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

මෙරට මෙවැනි ශිෂ්‍යාධාරයක් ලබාදීමේ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.