Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ රෑ නා උයනේදී හමුවූ සජිත් හා විමල්

1 year ago

පසුගිය දා කේබල් ඩක්කුවක් කඩා වැටීම නිසා සිදු වූ අනතුරින් භික්ෂුන් වහන්සේලා සත් නමක් අපවත් වූ කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැමිණ තිබෙනවා.

ඊයේ(26) රාත්‍රී 11.30ට පමණ විමල් වීරවංශ නාඋයනට පැමිණ ඇති අතර ඔහු පැමිණ ටික වේලාවකට පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පැමිණ තිබෙනවා.

එහි දී අපවත් වූ භික්ෂුන් වහන්සේලාගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමටත් එම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා මුණ ගැසී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි ඔවුන් දෙදෙනාම කටයුතු කර තිබෙන්නේ.