ළමා ආරක්ෂණය සඳහා ගෙන ආ නව පනත අනුව ගුරුවරයෙකු යම් සිසුවෙකුට යම් අවවාදයක් කළහොත් ඔහුට මාස හයක් සිරබත් කෑමට සිදුවනු ඇතැයි කළුතර එකමුතු ගුරු සංගමය පවසයි.
මෙම පනත අත ඉස්සූ පාර්ලිමේන්තුවේ සිටින බොරුකාර හොරු රැලට පාසලට පැමිණ විනය කටයුතු භාර ගන්නා ලෙස ද නීතියෙන් තහනම් කළ විට සිසු විනය හැදීමට ගුරුවරුන් ඉදිරිපත් නොවන බව ද එම සංගමය සඳහන් කරයි.
දැන් පාසලට විදුහල්පති විනයභාර ගුරුවරුන් උවමනා නැති බවත් පාසල මන්ත්‍රීවරුන්ට භාර දී විනය ගැටලු ඔහු හරහා විසඳිය යුතු බවත් එහි නියෝජිතයෝ පවසති.
ජනතාවට පාසලේ උදේ රැස්වීමට පාට ඇඳුමින් මාල දමා ගෙන පැමිණෙන සිය දරුවන් ගැන අනාගතයේ සතුටු වීමට හැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
කළුතර දී මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු මේ බව කීය.
