ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින් දෙදෙනෙකු අද යළි මෙරට එවීමට කටයුතු කරන බව ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ, අයහපත් හැසිරීම සහ ඔවුන්ගේ පවුල්වලින් සිදු කළ ඉල්ලීම් සලකා බලා මෙලෙස යළිත් දිවයිනට පිටත් කර එවන බවයි.
මෙම ශ්‍රමිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය භාවිතා කළ විවිධ ස්ථානවල ඇවිදිමින් සිට ඇති අතර අනික් පුද්ගලයා යම් මානසික ආතතියක් මත සේවා ස්ථානයෙන් පැනගොස් සිටි අයෙකු බවයි තානාපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම පසුගිය කාලසීමාව තුළ මෙවැනි සිද්ධීන්වලට මුහුණු දුන් 12 දෙනෙකු පමණ යළි ශ්‍රී ලංකාව වෙත පිටත් කර යැවූ බව ද තානාපතිවරයා සඳහන් කළා.
