Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Gemini වි‍ශේෂාංගයන් මෙරට පාසල් සිසුන්ට නොමිලේ

1 year ago

 AI National Expo ප්‍රදර්ශනය අද පෙරවරුවේ කොළඹදී ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරන, මෙම -ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය- සංවිධානය කරන්නේ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ එස්.එල්.ටී මොබිටෙල් ආයතනයයි.

මෙරට ආර්ථිකය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම ප්‍රශස්ත කිරීම හරහා ශ්‍රී ලංකාව කලාපීය මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ දේශිය හා ගෝලීය නායකයින්, නවෝත්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් මේ සඳහා එක්ව සිටියේ ය.

මේ අතර , Google සමාගම තම AI වේදිකාව වන ජෙමිනිහි (Gemini) ඇති වි‍ශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ නොමිලේ ලබා දීමට එකඟ වී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න AI National Expo ප්‍රදර්ශනය ආරම්භ කරමින් සඳහන් කළේ ය.