හෙරොයින් සමග උඩප්පුව පොලිසියේ කොස්තාපල්වරයෙකු සහ පෑලියගොඩ “චූනා” නැමති සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 510ක් හමුවී තිබෙනවා.
සැකකරුවන් කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ඒ බස්නාහිර – උතුර අපරාධ කොට්ඨාසය මගින් බවද පොලිසිය සඳහන් කළා.
