රජයේ වෛද්‍යවරුන් හඳුනාගැනීමට සඳහා මෝටර් රථවල ඉදිරිපස වීදුරුවේ අලවා ඇති අවසර පත්‍රය ගැසට් පත්‍රයකින් අනුමත කරන ලද්දක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සේවා අවශ්‍යතාව මත වෛද්‍යවරුන් රෝහලවෙත කැඳවාගෙන යාමට අදාළ අවසර පත්‍රය නිකුත් කිරීම හේතු වී ඇති බවයි එම සංගමය සඳහන් කළේ.
මෙලෙස නීත්‍යානුකූලව නිකුත් කර ඇති, රජයේ වෛද්‍ය නිලධාරීන් හඳුනාගැනීමමේ අවසර පත්‍රය රෝගී සත්කාරය පහසුකර ගැනීම සඳහා රජයත් සමඟ සාකච්ඡාකර ගනු ලැබූ තිරණයක ප්‍රතිඵලයක් මතනිකුත් කරන ලද්දක් බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ වැඩිදුරටත් සඳහන් කළා.
එම නිලධාරීන්ගේ සංගමය ඊයේ (01) දහවල් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.
