කළුතර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයකු කූඨ ලේඛණ භාවිත කරමින් පාවිච්චි කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රාදේශීය සභාවට තරඟ කළ අපේක්ෂකයකු බව පොලිසිය සඳහන් කරනවා.
සැකකරු මොරොන්තුඩුව අරියගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව ද පොලිසිය සඳහන් කරනවා.
එකී ජීප් රථයට භාවිතා කර ඇත්තේ මෝටර් රථයක අංකයකින් බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇතැයි ද පොලිසිය පවසනවා.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පරිඝණක අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.
