ටෙස්ලා සමාගමේ ප්‍රධානී එලොන් මස්ක් ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 370.9) ඉක්මවන ශුද්ධ වත්කමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට පත්ව ඇත.
The Forbes’ billionaires index වාර්තාවට අනුව, නිව්යෝර්ක් වේලාවෙන් ඊයේ (01) දහවල් වන විට මොහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 500.1 ක් වූ අතර පසුව එය ඩොලර් බිලියන 499 කට තරමක් පහත වැටුණු බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ මේ වසරේ විදුලි මෝටර් රථ සමාගමේ සහ ඔහුගේ අනෙකුත් ව්‍යාපාරවල වටිනාකම් ඉහළ ගොස් ඇති බවය.
ෆෝබ්ස් ප්රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව, ඔරකල් නිර්මාතෘ ලැරී එලිසන් ලොව දෙවන ධනවත්ම පුද්ගලයා වන අතර ඔහුගේ ධනය ඩොලර් බිලියන 350.7 ක් පමණ වේ.
මස්ක්ගේ දැවැන්ත ධනය, ටෙස්ලා හි ඔහුගේ 12% කට වඩා වැඩි කොටස් සමඟ සමීපව බැඳී ඇති අතර, එහි කොටස් මෙම වසරේ තියුණු ලෙස ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ ටෙස්ලා කොටස් 3.3% කට වඩා ඉහළ ගිය අතර මෙම වසරේ දී 20% කට වඩා ටෙස්ලා කොටස් වල මිල ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
ආයෝජකයින් පවසන්නේ මස්ක් දේශපාලනයට වඩා ඔහුගේ සමාගම් කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීම හේතුවෙන් සමාගමේ කොටස් මෑත මාසවලදී ලාභ උපයා ඇති බවය.
