Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව දැනුම්දීමක්

1 year ago

ඊශ්‍රායලයේ කෘෂී අංශයේ රැකියා අවස්ථා සදහා බඳවාගන්නා බවට යම් යම් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් පළකරන සමාජ මාධ්‍ය දැන්වීම් මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා .

මෙය වංචනිකව රැකියා අපේක්ෂිතයන්ගෙන් මුදල් ජාවරම් කිරීමේ අරමුණින් පළකරන බවයි කාර්යාංශය අවධාරණය කරන්නේ.

ඊශ්‍රායලයේ කෘෂී අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බඳවාගන්නා රාජ්‍යයන් දෙකක් අතර ඇතිකර ගිවිසුමක් මත ක්‍රියාත්මක කරන කාර්යයක් බවත් කාර්යාංශය සඳහන් කරනවා .

එබැවින් කිසිම අවස්ථා පුද්ගලික අංශයට ඊශ්‍රායලයේ කෘෂී අංශයේ රැකියා අවස්ථා ලබාදී නොමැති අතර ඒසදහා බඳවා ගැනිම්. මුදල් එකතු කිරිම් හෝ තොරතුරු ලබාගැනිම් කාර්යාංශ පනතට අනුව නිතිවිරෝධි බවත්, එවැනි පුද්ගලයින්ට එරෙහින නිතිමගින් කටයුතු කරන බවත් කාර්යාංශය අවධාරණය කරනවා.

කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඇතැම් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළවන මෙවැනි ව්‍යාජ දැන්විම් වලට නොරැවටෙන ලෙසයි.