Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Baby

පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ නිවස ඉදිරිපිට මාසයක බිළිඳියක් දමා ගිහින්

1 year ago

මහව කෝන්වැව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ නිවස ඉදිරිපිට වයස මාසයක පමණ බිළිඳියක් අද (2) දමා ගොස් ඇතැයි මහව පොලිසිය පවසනවා.

කෝන්වැව මහව ලිපිනයේ පදිංචි පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ නිවසේ ඉදිරිපස විවෘත කොටසේ පුටුවක් මත මෙම බිළිඳා දමා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

නිවැසියන් මෙම සිදුවීම මහව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් මෙම බිළිඳියව නිකවැරටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහව පොලිසිය මගින් මේ සිදුවීම පිළිබඳව  විමර්ශන කටයුතු සිදු කරන අතර මෙම බිළිඳියගේ මව පියා කවුරුන් දැයි තවම අනාවරණය කරගෙන නොමැති බවද පොලිසිය සඳහන් කරනවා.