Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදු නොගෙවා මෙරටට ගෙනා හොර බඩු තොගයක් මාට්ටු

1 year ago

රේගු බදු නොගෙවා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනා ජංගම දුරකථන සුවඳ විලවුන් ඇතුළු උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙමස්සිනාලා දෙදෙනකු ද සිටින බව පොලිසිය සඳහන් කරනවා.

එම සැකකරුවන් සමඟ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 26ක්, අයි පෑඩ් 10ක් ටැබ්  10ක්, ලැප්ටොප් පරිගණක 3ක්, විවිධ වර්ගයේ සුවඳ විලවුන් තොගයක් සහ  ශරීර ආලේපන තොගයක්ද පොලිස් භාරයටට ගෙන තිබෙනවා. 

මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත රම්‍යා ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරුවන් සමග මෙම දේපළ සොයාගත් බව පොලිසිය පවසනවා.

ඉකුත් තිස් වැනි දින ඩුබායි රාජ්‍යයට ගොස් තිබූ මෙම සැකකරුවන් ඊයේ (2) මෙරටට පැමිණෙමින් සිටියදී ජංගම දුරකථන ඇතුළු අනෙකුත් දේපල රැගෙනවිත් තිබූ බව පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාවත්ත සහ කොච්චිකඩේ පදිංචිකරුවන්.