තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ 288 වෙනි කිලෝ මිටර් කණුව ප්රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වු අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු තුවාල ලබා අද (03) අළුයම රෝහල් ගත කර ඇතැයි තණමල්විල මුලස්ථාන පොලිසිය පවසනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්රදේශයේ ඇගළුම් ආයතනයක රාජකාරී කටයුත්තක් ගොස් යළි බුත්තල ප්රදේශයට එමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක්.
තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුර සිදුව තිබුණි.
අනතුරින් තුවාල ලැබු වෑන් රථයේ රියදුරු ඇතුළු හයදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ සිටි ඩී 04,ඇල අතුපාර යාය ප්රදේශයේ පදිංචි 56 හැවිරිදි තත්ත්ව පරීක්ෂකයෙක්.
වෑන් රථයේ රියදුරු 18 හැවිරිදි අයෙකි.
තුවාලකරුවන් තණමල්විල ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවු තිදෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
තුවාලකරුවන් අවුරුදු 23, 35 සහ 49 වන වයස්වල පසුවන පුද්ගලයින් බව පොලීසිය පැවසීය.
තණමල්විල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



